• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බහරේනය හා ශ‍්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම අලූත් කිරීමට පියවර

Hon 2017 0125ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් අවම වැටුපක්

 

බහරේන් රාජ්‍යයේ කම්කරු හා සමාජ සම්බන්ධතා අමාත්‍ය Jameel Humaidan මහතා හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතර ඊයේ (24) අබුඩාබි සංවාදය අතර තුරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

බහරේනය හා ශ‍්‍රී ලංකාව අතර පැවති අවබෝධතා ගිවිසුම මේ වන විට යල් පැන ගොස් ඇති බවත්, එය යාවත්කාලීන කර ගත යුතු බවටත්, අමාත්‍යවරුන් එකඟ වූහ. ඒ අනුව, මෙම ගිවිසුමේ අඩංගු අවම වැටුප පිළිබඳ තීරණය කිරීමට එකඟ වූ අතර, ශ‍්‍රමිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ව තීරණ නව ගිවිසුම තුළින් සකි‍්‍රය කිරීමට මෙහිදී එකඟ වූහ.

මෙහිදී බහරේනයේ අමාත්‍යවරයා සඳහන් කළේ, පුහුණු ශ‍්‍රමිකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට බහරේන් රාජ්‍ය සූදානම් බවත්, පුහුණු ශ‍්‍රමිකයින් සඳහා බහරේන් රටේ හොඳ රැකියා අවස්ථාවන් ඇති බවත් ය.අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පැහැදිලි කළ අතර, ශ‍්‍රී ලංකාව පුහුණු ශ‍්‍රමිකයින් ලබාදෙන රටක් ලෙස කටයුතු කිරීමට වර්තමානයේදී හැකිවී තිබෙන බවත්, විදෙස් ගත වන කාන්තාවන් සඳහා NVQ පුහුණුව ලබාදීමට කටයුතු කරන බවත්, කාන්තාවන් සඳහා ලබාදෙන පුහුණුව දින 40ක් දක්වා ඉහළ දමා තිබෙන බවත්, සඳහන් කළාය.

මීට අමතරව බහරේන්හි ගෘහාශ‍්‍රීතව පවතින රැකියා අවස්ථාවන් වැඩිවශයෙන් ශ‍්‍රී ලාංකිකයින්ට ලබා දෙන ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් එහිදී ඉල්ලා සිටියාය.මෙම අවස්ථාවට විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, අමාත්‍යංශ ලේකම් ජී.එස්.විතානගේ, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න, විදේශ රැකියා කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඩබ්.එන්. වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු) මංගල රන්දෙණිය යන මහත්වරුන්ද එක්වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.