• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර - පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 85ක්

Fertilizerරජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් සඳහා 2016 – 2017 මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 85.536ක මුදලක් ගොවීන්ගේ ගිණුම් වලට බැර කර අවසන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජේ.අයි. විජේනායක මහතා පවසයි.

කුඹුරු හෙක්ටයාර 6571ක් වගා කිරීම සඳහා ගොවීන් 15934 දෙනෙකුගේ ගිණුම්වල අදාළ මුදල් මේ වන විට තැන්පත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බලප්‍රෙද්ශ 22 හි ගොවීන් තම ගිණුම් ආරම්භ කර ඇති බැංකු 14ක එම මුදල් තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය යළ කන්නයේ පොහොර සහනාධාරය ලබාගෙන වගා නොකළ හෙක්ටයාර් 8229ක් සඳහා මෙවර පොහොර සහනාධාරය හිමි නොවන අතර, පසුගිය කන්නයේ ලබාගත් සහනාධාර මුදල මේ කන්නය සඳහා හිලව් කෙරේ. ඒ අනුව මෙවර මහ කන්නයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා ඉලක්කය හෙක්ටයාර් 14800ක් වනු ඇත.

කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 5000 කි. හෙක්ටයාර 02ක (අක්කර 05) උපරිමයකට යටත්ව එක් වී වගා කන්නයකට රුපියල් 25000 බැගින් ලබා දේ. ඒ අනුව වී වගා කන්න දෙක සඳහා රුපියල් 50000ක මුදලක් හිමි වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.