• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඌව පළාතේ ගුරු සේවයට නවක ගුරුවරුන් 650කට අනුමැතිය

SriLankan teachersඌව පළාතේ ගුරු පුරප්පාඩු පවතින පාසල්වල සේවය සඳහා උපාධිධාරීන් හා උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමාධාරීන්ගෙන් ගුරුවරු 650ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇත.


ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා  මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ. 

ඒ අනුව කඩිනමින් මෙම නව බඳවා ගැනීම් සිදුකරන බව ඌව පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව පවසයි.  රැකියා විරහිත උපාධිධාරීන් සහ උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමාධාරීන් මෙහිදී ගුරු සේවය සඳහා බඳවා ගැනීමට නියමිත වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.