• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික සංහිදියාව වැඩිදියුණු කිරීමට රණවිරු සේවා අධිකාරිය මඩකලපුවට

booksමඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් වල රණවිරු දූ දරුවන් ට සහ ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන පවුල් වල ඉගෙනිමට දක්ෂ සිංහල, දමිළ සහ මුස්ලිම් සිසු දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් හෙට පෙ.ව.10.00ට උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යයාලිය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ජාතික සංහිදියාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, රණවිරුසේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සම්පත්දායකයින්ගේ මුලිකත්වයෙන් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කර ඇත.වසර 35කට පසු සිංහල, දමිළ සහ මුස්ලිම් ජාතින්ගේ එකමුතුවෙන් මඩකලපුවේ පවත්වන ප්‍රථම වැඩසටහන මෙය වන අතර, සිසු දරුවන් 500 දෙනෙකුට පාසල් උපකරණ බෙදා දීමට අමතර ව, මඩකලපු දිස්ත්‍රික් රණවිරු දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම ද, තෝරා ගත් රණවිරු පවුල් සාමාජිකයින් සඳහා මහන මැෂින් සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනය මගින් මැහුම් පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබදීම ද මෙහිදී සිදු කිරිමට අපේක්ෂිතය.

මෙම වැඩසටහන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා, උප සභාපතිනි උපුලාංගනී මාලගමුව යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශය භාර ආරක්ෂක නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන සංවිධානය කිරීමේ මුලික කටයුතු රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාන්ත කමලසිරි මහතාගේ සහ මඩකලපු දිස්ත්‍රික් නිලධාරිනි ගීතිකා ජයවර්ධන මහත්මියගේ දායකත්වයෙන් සිදු කෙරේ.

මෙම වැඩසටහනට අමතරව මෙහිදී මඩකලපු දිස්ත්‍රික් රණවිරු සංසද සුහද හමුව සහ ප්‍රජා සහයෝගිතා වැඩසටහනක් ද පැවැත්වීමට  රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.