• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පසුගිය වසරේ අවසානයේ නිමකරන ලද ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 10ක්

Project Imageපළාත් සභා ඇතුලු සියලු රේඛීය අමාත්‍යාංශ වලින් 2016 වසරේ ඉටුකරන ලද සියලු සංවර්ධන කාර්යයන් සඳහා වන බිල්පත් පියවීමට අදාළ මුදල් අදාළ රාජ්‍ය ආයතන වලට කිසිදු බාධාවකින් තොරව මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරය විසින් ක්‍රමිකව නිකුත් කිරීමේ කිසිදු ප්‍රමාදයක් නැත.

සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඉදිරිපත් කරනු ලබන බිල්පත් විශාල ප්‍රමාණයක් සඳහා අදාළ වසර තුළදී ම මුදල් නිකුත් කරනු ලැබේ.  එහෙත් වර්ෂය අගදී ඉතිරිවන බිල්පත් ඊළඟ වසරේ මුල් කාර්තුව තුළ පියවීමට කටයුතු කිරීම සාමාන්‍ය ගිණුම් ක්‍රියාවලියකි. මෙසේ ප්‍රමාදවී ලැබුණු බිල්පත් වලට ගෙවීම් කිරීම සඳහා මෙම වසරේ ජනවාරි තුන්වන සතිය වන විට රුපියල් බිලියන 10ක් පළාත් සභා ඇතුලු රේඛීය අමාත්‍යාංශ වෙත මේ වන විට නිකුත් කර ඇත.

පළාත් සභා හා රේඛීය අමාත්‍යාංශ වලින් පසුගිය වසරේ ඉටුකරන ලදුව අවසන් කාර්තුවේ ඉදිරිපත් කරන ලද බිල්පත් සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් නිකුත් කර නොමැතැයි ප්‍රචාරය වූ ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවයක් නොමැත. ප්‍රමාදවී කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයක් ඇති කිරීමට හැකි වන පරිදි 2016 වසරේ නොගෙවා ඉතිරිව තිබූ බිල්පත් පිළිබඳව එහි වටිනාකම ඇතුලු විස්තර අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම සඳහා මෙම මස මුලදී ඉදිරිපත් කරන ලදී. 

ඒ යටතේ 2016 වසරේ නිමකරන ලදුව 2017 වසරට ගෙන එනු ලැබූ බිල්පත් පියවීම සඳහා දැනට බිලියන 10ක් නිකුත් කර ඇති අතර, ඉතිරි මුදල් පියවීම සඳහා අවශ්‍ය කටයුතු මහා භාණ්ඩාගාරය විසින් සිදුකරමින් පවතී. එමෙන් ම, ළඟ ම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉටුකළ සංවර්ධන කාර්යයන් වලට අදාළ ව රුපියල් මිලියන 5,933ක් 2016 වසරේදී අධ්‍යාපන  අමාත්‍යාංශය හරහා පළාත් සභා වෙත ලබාදී ඇති අතර, ඉතිරි වී ඇති බිල්පත් නිරවුල් කිරීම සඳහා 2017 වසරේ මේ වන විට රුපියල් මිලියන 2,600ක අක් මුදල් අධ්‍යාපන අමාත්‍යාංශයට නිදහස් කර ඇත.                   

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.