• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුපියල් මිලියන 4400 වියදමකින් කළුතරට ළමා හා කාන්තා රෝහලක්

Hospitalමහල් හයකින් සමන්විත සියලු පහසුකම් වලින් යුත් අංග සම්පූර්ණ ළමා හා කාන්තා රෝහලක් කළුතර නගරය තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

නෙදර්ලන්ත රජයේ ආධාර යටතේ ඉදිකිරීමට නියමිත මෙම රෝහල සඳහා රජය රුපියල් මිලියන 4400ක් වැය කරනු ලබයි.රෝහල සඳහා මුල්ගල් තැබිම තව නොබෝ දිනකින් සිදුකිරීමට නියමිත අතර, 2019 වර්ෂයේදී වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත.ශල්‍යාගාර, ප්‍රසුතිකාගාර, නොමේරු ළදරු ඒකක ඇතුළු තවත් අත්‍යාවශ්‍ය අංග රැසකින් මෙම රෝහල අඩංගුවේ.

එකම භූමි භාගයක් තුළ මෙම ළමා හා කාන්තා රෝහල ස්ථාපිත කරන අතර, මෙයින් බැහැර කරන අපද්‍රව්‍ය විනාශ වන පද්ධතියක්  අඩංගු වීම මෙම රෝහලේ  ඇති විශේෂ ලක්ෂණයකි.මෙවැනි රෝහලක් දැනටමත් රාගම ශික්ෂණ රෝහල තුළ ඉදිවෙමින් පවතින අතර, තවත් දිස්ත්‍රික්ක රැසක මෙවැනි රෝහල් ඉදිකිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.