• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට

He news 20170126මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

මේ සඳහා ජනාධිපති කොමිසමක් පත්කළේ සිද්ධිය යට ගැසීමට බව ඇතැමුන් චෝදනා කළද වංචා, දුෂණ සහ වැරදි පාලනය අන්ත ලෙස තිබු පැවති රජයෙන් තමා ඉවත් වූයේ එවන් පාලනයක් නැවත ඇතිකිරීමට නොවන බව ද අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (25) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයක් අමතමිනි.බැඳුම්කර සිදුවීම පිළිබඳ පැවති පාර්ලිමේන්තු විවාදය එකිනෙකාට චෝදනා කර ගැනීමක් පමණක් බවද මෙහිදී පැවසු ජනාධිපතිතුමා තමන්ගේ යුතුකම් සහ වගකීම් අවංකව ඉටු කිරීම පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළයුතු බව ප‍්‍රකාශ කළේය.

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වන ඕනෑම අයෙකුට දඬුවම් ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමා සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිතුමා තමා සෑමවිටම කටයුතු කරන්නේ ජනතා විශ්වාසය සමඟ බවද කියා සිටියේය. එමෙන්ම මෙම වසර දෙකේ බැඳුම්කර සිදුවීම පිළිබඳ පරික්ෂණ පවත්වා වැරදි කරුවන් ඇත්නම් දඬුවම් ලබාදෙනවා සේම පසුගිය වසර 07,08 ක සිදුවූ බැඳුම්කර සිදුවීම් පිළිබඳව ද මෙවන් ආකාරයෙන්ම ජනාධිපති කොමිසමක් පත් කර අදාළ පරික්ෂන ආරම්භ කරන බව කියා සිටියේය.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද අඩි 54 ක උසින් යුත් අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්විණි.අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයද මැති ඇමතිවරු සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.