• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යටියන්තොට අධි අවධානම් පවුල් සඳහා නව ඉඩම්

Kegalle 2017.01.26යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධි අවධානම් ප්‍රදේශ ලෙස නම් කළ ප්‍රදේශවල ජීවත් වූ ජනතාව වෙනුවෙන් ලබා දී ඇති නව ඉඩම් සඳහා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා යටියන්තොට කැලණි වත්තේ දී සිදු කෙරිණි.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය වර්ෂයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ගොඩනැගිලි පරේෂණ සංවිධානය මඟින් මෙම ඉඩම් හඳුනාගනු ලැබීය.

මේ අනුව බෙරන්නාව, මලල්පොල, පොල්පිටිය, කබලුමුල්ල, මහවිල යන ග්‍රාම සේවා වසම්වල අධි අවධානම් ප්‍රදේශවල ජීවත් වු ජනතාව වෙනුවෙන් ඔවුන්ට ලබා දී දැනට ලබා දී ඇති ඉඩම්වල තාවකාලික නිවාසවල ජීවත්වන පවුල් 78ක් සඳහා මෙම හිමිකම් දීමනා පත්‍ර ප්‍රදානය කෙරිණි.

අවධානම් සහිත පවුල් සඳහා නව ඉඩම් හඳුනා ගැනීමේ වැඩසටහන මේ විට අවසන් කර ඇති බව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් මානෙල් කුලරත්න මහත්මිය මේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසුවාය.

මේ යටතේ ඔවුන් වෙනුවෙන් හෙක්ටයාර 8ක් පමණ  වී ඔය, කැළණිවත්ත, ලැවන්ට්, පනාවත්ත හා ගනේපල්ල යන වතු සමාගම් වලින් මේ වනවිටත් පවරා ගෙන ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.