• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කැප්පෙටිපොල උත්තමාභිවන්දනා මහනුවර උත්සවය

Keppetipola upahara kandy 2017නිදහස ලබා වසර ගණනාවක් ගත වී විධායක ජනාධිපතිවරු ඇතුළු රජයන් කිහිපයක් බලයට පත් වුවත්, ඒ නායකයන්ට සහ රජයන්ට සිදු කිරීමට අමතක වූ විශේෂ කෘතගුණ සැලකීමක් කිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට හැකියාව ලැබුනු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි. 

රට දැය වෙනුවෙන් තම ජීවිතය පුදකළ කැප්පෙටිපොල ඇතුළු පිරිස අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් බවට පත් කර වසර 198ක් ගත වුවත් ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම ගැන මෙරට කිසිදු රජයකට හෝ රාජ්‍ය නායකයකුට මතක් නොවූ බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය එම අවමානය නිවැරදි කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සමස්ත ලාංකිකයන්ගේ ම අමන්දානන්දයට හේතු වන බවද පැවසීය.

එබැවින් මෙතෙක් රාජ්‍ය නායකයන් අමතක කොට තිබූ ඒ ජාතික මෙහෙවර සිදු කළ ජනාධිපතිතුමන්ට කන්ද උඩරට ජනතාව වෙනුවෙන් තමන් ගෞරවය දක්වන බව ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළාය.

 කැප්පෙටිපොල දිසාව ප්‍රමුණ විරුවන් සැමරීම සදහා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන උත්තමාභිවන්දනා ජාතික සැමරුම් වැඩසටහනට සමගාමී ව මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (10) පැවති සැමරුමට එක් වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායාක මහත්මිය මෙම අදහස් පළ කරන ලදී. මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රෙයේ පිහිටි කැප්පෙටිපොල ස්මාරකය ඉදිරියේ පැවති මෙම සැමරුමේදී ආණ්ඩුකාරවරිය ඇතුළු පිරිස පිළිරුවට පුෂ්පෝපහාර දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වන ලදී.

මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සංවිධායකත්වයෙන් මෙම උළෙල පවත්වන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.