• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පළමු නිදහස් අරගල ප්‍රත්‍යාවලෝකනය එළිදකී

He 2017.01.10පළමු නිදහස් අරගල ප්‍රත්‍යාවලෝකනය "උත්තමාභිවන්දනා"  වැඩ සටහන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

 කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු විරුවන් 19 දෙනෙකු ඉංග්‍රීසි පාලකයින් විසින් දේශද්‍රොහීන් ලෙස නම්  කළ ගැසට් පත්‍රය අ‍වලංගු කර ඔවුන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීම නිමිත්තෙන් මෙම වැඩ සටහන පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , මේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය, ශිෂ්ඨාචාරය, සංස්කෘතිය පිළිබඳව ජනතාව, නව පරපුර දැනුවත් කිරීම කොතෙක් දුරට සිදු කරනවා ද යන්න පිළිබඳව සලකා බැලිය යුතු බව පැවසීය.

එසේම අප ඉදිරියේ ඇති අභියෝග තේරුම් ගෙන ඉතිහාසය දෙස බලා නැගී සිටිය යුතු බවද තවදුරටත් පැවසීය.

මෙහිදී තවත් විරුවන් 980 ගේ නාම ලේඛණයක් ජනාධිපතිවරයා වෙත භාර දීම මෙහිදී සිදු කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.