• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ව මාතර නවක විශ්වවිද්‍යල සිසු සිසුවියන් දැනුම්වත් කෙරේ

Matara Disrtic unitජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “මතින් නිදහස් රටක්“ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමඟාමී ව සිදුකරන නවක විශ්වවිද්‍යාල සිසුන් බලගැන්වීම සඳහා වන මාතර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් පසුගියදා පැවැත්විණ. 

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා නියෝජනය කරමින් මාතර වැඩ බලන සහකාර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.ආර්.කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව මාතර බෞද්ධ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ. 

මෙහි දී මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනට සමඟාමී ව විශ්වවිද්‍යාල සිසුන් පෙළගැස්වීම පිළිබඳ වූ විශේෂ දේශනය මත්ද්‍රව්‍ය නාවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ එච්.එම්. තිලකරත්න මහතා විසින් පවත්වන ලදි.

රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක මහාචාර්ය සමන් චන්දන එදිරිවීර මහතා මත්ද්‍රව්‍ය හා තරුණයා මැයෙන් දේශනයක් සිදු කළේ ය. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු හා විශ්වවිද්‍යාල සමාජ ජීවිතය සම්බන්ධ ව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජික විශේෂඥ වෛද්‍ය එල්.ඒ.ඩබ්.සිරිසේන මහතා විසින් ද මෙහිදී දැනුම්වත් කෙරිණි.

මාතර මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ස්ථානභාර වෛද්‍ය ගයනි නානායක්කාර මහත්මිය ලිංගික ඇසුර ආශ්‍රිත රෝග පිළිබඳ දේශනය සිදු කළා ය. මෙම වැඩමුළුව සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් දිවයිනේ විවිධ විශ්වවිද්‍යාල වලට තේරීපත් වූ සිසු සිසුවියන් 500 ට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

 ජනාධිපති කාර්යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුව සංවිධානය කරන ලද බව වැඩමුළුවේ සම්බන්ධීකරක මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී එන්.එස්.සරත් ආනන්ද මහතා පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.