• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හන්තාන රැක ගැනීමට දැනුම්වත් කිරීමේ පුවරු සවි කිරීම හෙට

hanthanaහන්තාන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයේ පාරිසරික පද්ධතිය රැක ගැනීමේ අරමුණින් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා දැන්වීම් පුවරු සවි කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබේ.

හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් සහ දෙස් විදෙස්  සංචාරකයන්ගේ නොදැනුවත්කම නිසා සිදු කරන විවිධ පාරිසරික හානි අවම කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මධ්‍යම පරිසර අධිකාරිය පවසන පරිදි  හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශය දෙස් විදෙස් සංචාරයකයන් රැසකගේ අවධානය දිනා ගත් ප්‍රදේශයකි. ඒ අනුව දිනපතා දෙස් විදෙස් සංචාරකයන් රැසක් මෙම ප්‍රදේශයේ පාරිසරික සුන්දරත්වය විදීමට එම ප්‍රදේශයට පැමිණෙයි.

එසේ පැමිණෙන ඇතැම් සංචාරකයන්ගේ නොදැනුවත්කම නිසා සිදු කෙරෙන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් හන්තාන පාරිසරික ආරක්ෂක කලාපයට තර්ජන රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

මීට අමතරව හන්තාන ආරක්ෂක ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසාද එම පරිසරය තර්ජනයට ලක් ව තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මහජනතාව දැනුම්වත් කරන දැන්වීම් පුවරු සවි කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) වැනි දින පෙ.ව. 10.00 ට හන්තාන තපෝදාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.