• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පවතින දේශගුණික තත්ත්වය සහ ඊට පිළියම් යෙදීමට මහනුවර සම්බන්ධීකරණ කමිටුවේ විශේෂ රැස්වීමක්

meeting2016පවතින දේශගුණික තත්ත්වය හා ආහාර සුරක්ෂිතතාව හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සියලු ම සමාජිකයන් මේ මස (13) දින පෙ.ව. 9.30 ට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.

ඒ අනුව උද්ගතව ඇති ගැටලු පිළිබඳ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කොට ගනු ලබන තීන්දු තීරණ ජනාධිපති කාර්යාලයට වෙත ‍යැවීමට නියමිතය.

මීට අමතරව 2017 වසර දිළිඳු කමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කොට ඇති බැවින්, එම වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ආකාරය සැලසුම් කිරීම මෙම විශේෂ කමිටුව පැවැත්වීමේ තවත් අරමුණකි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන සමාජ සවිබල ගැන්වීම් සහ සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධිකරණ කමිටුව පැවැත්වෙනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.