• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2016 දී ගම්පහ දිස්ත්‍රික්කෙය් සංවර්ධන ව්‍යාපෘති 3966ක් ක්‍රියාත්මකයි

Gampaha distric2016 දී  ගම්පහ දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 2502ක්  යටතේ සංවර්ධන ප්‍රගතිය 97%ක් පෙන්නුම් කරමින් ව්‍යාපෘති 3966ක් ක්‍රියාත්මක කළ බවත්, රජයේ දැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ඉන් රුපියල් ලක්ෂ 800ක මුදලක් ඉතුරු වු බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රගතිය මාධ්‍යයට පැහැදිලි කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද ( 09 ) පැවති රැස්වීමේදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.

මෙම රැස්වීම ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ පැවැත්විණි  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි මෙලෙස සංවර්ධනයක් සිදුව ඇති අන්දම ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පැහැදිලි කරන ලදී.

ආංශික වශෙයන් විමධ්‍යගත අයවැය යටතේ රුපියල් මිලියන 281.98 කින් ව්‍යාපෘතීන් 1093ක්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 1045 කින් ව්‍යාපෘති 2579 ක්, යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන යටතේ රුපියල් මිලියන 165.5 කින් ව්‍යාපෘතීන් 208ක්, අනුමත මාර්ග ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 262 .10කින් මාර්ග 10ක්, අවිච්ඡේද ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 7.98 කින් ව්‍යාපෘති 4ක්, සුඛිත පුරවර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 6 . 90 කින් ව්‍යාපෘති 5 ක් සහ දිස්ත්‍රික් ලේකම් මගින් රුපියල් මිලියන 218.86 කින් ව්‍යාපෘති 69ක් වශයෙන් සිදු කොට ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.

මෙහිදී සම සභාපති අජිත් මාන්නප්පෙරුම අදහස් දක්වමින් ජනතා මුදලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට යහපාලන රජය යටතේ මෙවර හැකි වු බවත් මෙවර ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත කොන්ත්‍රාත්කරුවන් හදුනා ගනිමින් ක්‍රියාත්මක වීම මත ජනතා මුදල් ගසා කෑමකට ලක් නොවු බවත් පැවසීය.මෙම අවස්ථාවට අතිරේක දිසාපති අනුර පියබන්දු ,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා කුමුදු විතාන දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිරී වී.ඩී.එස්. රුද්‍රිගූ යන මහත්ම, මහත්මීන්හු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහකාර සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීහු එක්ව සිටියහ.

මෙලෙස මාධ්‍ය දැනුවත් කිරීම ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාමක වු 2016 වසරේ සංවර්ධනය මෙලෙස ඉදිරිපත් කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.