• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපතිට ආශිර්වාද පතා පිංකමක් බදුල්ලේදී

pearl umbrella 01 Muthu mutu kude11ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තියට ආශීර්වාද පැතීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ පිංකම් මාලාවක් අද (07) සහ හෙට 08 යන දෙදින පැවැත්වේ.
ඒ අනුව අද (07) රාත්‍රියේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සෙත්පිරිත් පිංකමක් සිදුකෙරෙන අතර හෙට (08) උදෑසන බදුල්ල මුතියංගණ රජමහා විහාරයේදී මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පින්කමක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් පරිදි කාර්යාලයේ කාර්යමණ්ඩලය මෙම පිංකම් සංවිධානය කොට තිබේ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.