• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2016 - සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ හමුවක් ගම්පහදී

meeting2016ගම්පහ දිස්ත්‍රික්කයේ 2016 වර්ෂයේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් මේ මස (09) දින පෙරවරු 9.30ට ගම්පහ දිස්ත්‍රික් ලේකම්  සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය දැනුම්වත් කිරීම ගම්පහ දිස්ත්‍රික් සැලසුම් අංශය විසින් සංවිධානය කරනු ඇත.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ 2016 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක වූ සංවර්ධන වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ඇරයුම් කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.