• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති පදවි ප්‍රාප්ති දෙවර්ෂ පුර්ණය සමරා නුවරඑළියේදී පිරිත් පිංකමක්

Watapathaජනපති පදවි ප්‍රාප්ති දෙවර්ෂ පුර්ණය සමරා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මේ මස (07) සහ (08) යන දෙදින තුළ පිරිත් පිංකමක් ඇතුළු විශේෂ වැඩසටහාන් රැසක් ක්‍රියාත්ම කිරීමට සැලසුම් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ උපදෙස් පරිදි සංවිධානය වන මෙම වැඩසටහන් මාලාව හෙට (07) දින සවස 6.00 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර, පසුදින උදැසන මහා සංඝයා විශයෙහි හීල් දානය පිරිනැමිම සිදුකිරීමට නියමිතයි.

ඉන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හිංදු කොවිලේ දී විශේෂ දෙව පුජාවක් පැවැත්වෙන අතර, රුක් රෝපන වැඩසටහනක් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ශ්‍රමදාන වැඩසටහනක් ද මීට සමඟාමී ව සංවිධානය කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.