• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පළමු නිදහස් අරගල ප්‍රත්‍යාවලෝකනය - ඌව වෙල්ලස්ස රණවිරුවන් සැමරීමේ උත්සවය ජනවාරි 10 වන දා

vira kappetipola   උත්සවය  ජනවාරි 10 වන දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලාංකීය නිදහස් සටනේ ආරම්භය  ලෙස සැලකෙන 1818 ඌව වෙල්ලස්ස අරගලය හා ඊට  නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාව ප්‍රමුඛ විරුවන් සැමරීමේ උත්සවය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර ඇත.

මෙම උත්සවය “උත්තමාභිවන්දනා” යන මැයෙන් 2017 ජනවාරි 10 වන දින ප.ව.5.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. කැප්පෙටිපොල මහ දිසාව ප්‍රමුඛ විරුවන් එවක අධිරාජ්‍යවාදීන් විසින් ඇතුළත් කර තිබුණු දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර දේශප්‍රේමී වීරයන් බවට ඔසවා තැබීමට  ජනාධිපතිතුමා විසින් පසුගියදා කටයුතු කරනු ලැබිණි.  එම යුගමෙහවර හා සමගාමීව ප්‍රථම නිදහස් අරගලයේ ප්‍රත්‍යාවලෝකනයක් ලෙසින් මෙම උත්සවය සංවිධානය කෙරේ.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා විසින් පවත් වන අතර , ජාතික නිදහස් සටන් අපගේ භාෂා ව තුළින් විද්‍යමාන වන ආකාරය පිළිබඳ  දේශනයක් මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා විසින් පැවැත්වීමට නියමිතය.

එමෙන් ම, ඌව වෙල්ලස්ස නිදහස් අරගලය අළලා රජයේ චිත්‍රපට අංශය විසින් සකස් කරන ලද වාර්තා චිත්‍රපටයක් සහ එම අරගලය හා  බැඳුනු ඓතිහාසික පසුබිම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද මෙහිදී එළිදැක්වීමට නියමිතව ඇත. ජනාධිපතිතුමා විසින් දේශප්‍රේමීන් බවට ඔසවා තබමින් පසුගියදා ගැසට් මගින් ‍නිවේදනය කරන ලද වීරවරයින්ගේ නම් ඇතුළත් ඵලකයක් අනාගත පරම්පරාවන්හි දැන ගැනීම පිණිස ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය සහ නිදහස් චතුරස්‍ර කෞත්‍රකාගාරය යන ආයතන වල ස්ථාපනය කිරීම සඳහා එම ආයතන ප්‍රධානීන් වෙත පිරිනැමීම සහ මහනුවර ශ්‍රී දළදා මාළිගා කෞතුකාගාරය වෙනුවෙන් දියවඩන නිළමේවරයා වෙත පිරිනැමීමද  මෙහිදී සිදු කෙරේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් ඇතුලු අදාළ පාර්ශව රැසක්  සහභාගිවීමට නියමිතය.

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.