• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කෑගල්ලේ පිරිත්මය පිංකමක්

Prith chantingජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රටට, ජනතාවට හා ආරක්ෂක අංශ වලට සෙත් පතා පිරිත් පිංකමක් සහ දානමය පුණ්‍යකර්මයක් මේ මස (07) සහ (08) දෙදින තුළ කෑගල්ලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කෑගල්ල දිස්ත්‍රක් ලේකම් ඩබ්ලිව්.ඒ අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කරයි.


ඒ අනුව මේ මස (07) වැනි දින රාත්‍රියෙහි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිරිත් සජ්ඣායනාව සිදුකෙරෙන අතර, පසු දින කෑගල්ල, වෑවලදෙණිය පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා පහළොස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.