• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල ආපදා හමුවේ රතුකුරුසෙන් වැඩසටහන් රැසක්

red crossපසුගිය මැයි මස කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ ස්භාවික ආපදා තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම සඳහා රතුකුරුස සමාජයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

 ආපදා අවස්ථාවේ දී හඩාවැලපෙන මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්සයන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කිරීමට ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට හැකි වූ අතර ඔවුන්ගේ සප්ත ප්‍රතිපත්තීන් පෙරටු කොටගෙන මෙම කාර්යයන් ඉටුකරන ලදී.

කෑගලු දිස්ත්‍රික් රතුකුරුස සමාජ කාර්යාලයේ ධාරිතාව ඉක්මවා යන අන්දමින් ඔවුන්ගේ සේවාවන් ජනතාව වෙත ලබා දුන් අතර ඒ පිළිබඳව ආපදාවට ලක් වූ ජනතාව දැක්වූයේ ඉහළ ප්‍රතිචාරයකි. විශේෂයෙන් අවතැන්වූ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා සුවිසල් කටයුත්තක් රතුකුරුස සමාජය දක්වා ඇත.

එසේම මෙම ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සහ දරුවන්ගේ පාසල් උපකරණ ආදිය ලබා දීමද කැපී පෙනෙන කටයුතු අතර වේ. මෙයට අමතරව අවතැන් වූවන් සඳහා තාවකාලික කූඩාරම් ආදිය ලබාදීමද රතුකුරුස සංවිධානය මගින් සිදුකර ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා රතුකුස සමාජයේ කෑගලු දිස්ත්‍රික් ප්‍රධානී ආනන්ද උයන්ගොඩ මහතා පැවසූයේ මෙම කටයුතු වලදී කෑගලු දිස්ත්‍රික් කාර්යාලයට ශක්තියක් වූ සියළු සහෝදර ශාඛාවන්ට දජාතික සභාපතිතුමන් ඇතුළු ජාතික මූලස්ථානයට ද අන්තර් ජාතික රතුකුරුස සමාජයන්ට ද කෘතඥතාව හිමිවන බව ද වැඩිදුරටත් පවසා සිටියේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.