• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

e- Slim යටතේ කෑගල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ටැබ් පරිගණක

Kegalle D 2017 01 04රජයේ ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය හෙවත් e-slim ව්‍යාපෘතියට සමඟාමී ව ඉඩම් කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ක් සඳහා ටැබ් පරිගණක ලබා දීම සිදුකෙරිණි. මේ පිළිබඳ ව අදහස් දැක්වූ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය පැවසූයේ කෑගල්ලේ ජනපද 539ක් තිබෙන බවත්, එහි ඉඩම් කට්ටි 25.000 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් ය.

මෙම e-slim ව්‍යාපෘතිය යටතේ සියලු ම ඉඩම් ඉලෙක්ට්‍රෝන ගත කිරීමත්, ඒ තුළින් කඩිනමින් බලපත්‍ර හා ඔප්පු ලබාදීම ද පහසු වේ.මෙම ටැබ් පරිගණක ලබා දීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.අබේවික්‍රම වනසූරිය මහතා අතිනි සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදකාර, කෑගල්ල සහකාර ඉඩම් කොමසාරිස් කේ. කිනිවිට මහතා ද, කෑගලු දිස්ත්‍රික් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.