• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රන්මිණිතැන්න විකිණීමේ තීරණයක් නැහැ- ජනමාධ්‍ය ඇමැති

Media minister 2017.01.04රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නැති බවත් දේශපාලන වශයෙන් බංකොළොත් පිරිස් වැරදි ප්‍රචාරයන් ගෙන යන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ සිට රන්මිණිතැන්නට ඇති දුර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එම ස්ථානය කලා කටයුතු සඳහා යොදා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් කෙසේ වුව ද එම ස්ථානය කලාකරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් ලෙස සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.