• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාවනැල්ල පිරිසිදු කරන්න ජපානයෙන් ඇවිත්

denguඩෙංගු රෝගීන් වැඩිම ප්‍රමාණයක් කෑගල්ලෙන් වාර්තාවන්නේ මාවනැල්ල ආශ්‍රිත  ප්‍රදේශයෙන් බව  සෞඛ්‍ය අංශ වාර්තා තහවුරු කරයි. 

මේ නිසා  මාවනැල්ල නගරය ආශ්‍රිත  ප්‍රදේශය පවිත්‍ර කිරීමට විවිධ  අංශ මේ වන විටත් ඉදිරිපත් ව කටයුතු කරනු ලබයි.

ඒ අනුව ශ්‍රී ලාංකික නළු නිළියන් සහ ජපන් ජාතික යුවතියන් ඇතුළු කණ්ඩායමක්  මාවනැල්ල නගරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක  පසුගියදා  නිරත වූහ.මෙහිදි කාණුවල  පිරි පැවතුණු කැලී  කසල   මෙන්ම, අනවසර ලෙස ප්‍රදර්ශනය කරන ලද නාම පුවරු සහ බැනර්, කටවුට් ආදිය ද එහිදී ඉවත් කරන ලදී.

මෙම අවස්ථාවට මාවනැල්ල ප්‍රදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ, රංගන ශිල්පී අමිල අබේසේකර,  පොලිස් නිලධාරීන්,  ජපන් ජාතික යුවතියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.