• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් සැවොම එක්ව කටයුතු කළ යුතුයි

Mtara Dis මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය වර්ෂයේ මෙන්ම 2017 වර්ෂයේ දී ද සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත්, එය රටේ සංවර්ධන ඉලක්ක වෙනුවෙන් දායක වීමක් බවත්, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ 2017 නව වසරේ රාජකාරි අරඹමින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරී මණ්ඩලය අමතිමිනි.

මාතර දිස්ත්‍රික් පරිපාලනයේ ප්‍රධාන මධ්‍යස්ථානය වන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරී මණ්ඩලය යන්ත්‍රයක් වැන බවත්, එම යන්ත්‍රයේ එක් කුඩා ඇණයක්, මුරිච්චියක් අකර්මන්‍ය වුවහොත් යන්ත්‍රය ක්‍රියා විරහිත වන බවත්, එම නිසා සියලු දෙනාම දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තම රාජකාරි විෂය පථය අනුව සක්‍රීයව දායක විය යුතු බවත්, දිසාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.