• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2017 වර්ෂයේ මාතර දිස්ත්‍රික් ප්‍රථම කෘෂිකර්ම කමිටු රැස්වීම අද

Meeting 2016.08.12මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) වැනිදා පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.

පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටලු පිළිබඳ ව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳ ව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ව මෙහි දී සාකච්ඡා කෙරේ.

මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන්, ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එච්.යූ. සිරිවර්ධන මහත්මිය ප්‍රමුඛ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.