• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනතාවට සේවය කිරීම රාජ්‍ය සේවකයාගේ පරම යුතුකමයි

Kegalle 01day meeting 2017012රාජ්‍ය සේවකයාගේ පරම යුතුකම ජනතාවට සේවය කිරීම බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා පවසයි.

2017 වර්ෂයේ ප්‍රථම රාජකාරී දිනය වෙනුවෙන් අද (01) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නිලධාරී හමුවේ දී ඒ මහතා මෙම අදහස් දැක්වීය.‘‘ රාජ්‍ය සේවකයන් ලෙස අප අප වෙනුවෙන් නොව රට, ජාතිය, ආගම හා ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිය යුතුයි.

අප වැටුප් ලබන්නේ මහජන මුදලිනි. රට සංවර්ධනය කරා යොමුව ඇති මෙවන් යුගයක එයට අනූගාමීව සහය දැක්වීම සෑම දෙනාගේම වගකීමක් බවද දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.