• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් රසවින්දනාත්මක වැඩසටහනක්

songකෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ උසස් රසවින්දනයක් ඇති කිරීම  උදෙසා සංවිධානය කරන ලද ‘‘ ගී රස ගඟුල ” සංගීත විචාරාත්මක වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව  ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.

සුභාවිත ගීතයට මුල්තැන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගායනයට දක්ෂතා ඇති නිලධාරීන් මෙහි දී ගීගැයූ අතර, එම ගීත අරුත්බර විචාරයට ලක් කිරීම  මෙහි දී සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික්ලේකම්වරුන් වන ප්‍රභාත් උදාකර හා රුක්මණී ආරියරත්න, සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම සංගීත විචාර වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කොට තිබුණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.