• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සතුටු ගම්මාන ව්‍යාපෘතියක්

rural areaලබන වර්ෂය දරිද්‍රතාවය පිටු දැකීමේ වර්ෂය ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම ඉලක්කය ජය ගැනීම සඳහා ජනතාවගේ කායික හා මානසික සෞඛය තත්ත්වයන් ද ඉහළ නැංවීම ඉතා වැදගත් කාර්යයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ.

මෙම ඉලක්කය ජය ගැනීම සඳහා 2017 ජනවාරි මස සිට ක‍්‍රියාත්මන වන පරිදි සතුටු ගම්මාන නමින් කුඩා ගම්මාන සංවර්ධන ඒකක ලෙස ගෙන දියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙහි සමාරම්භක වැඩසටහන ලබන වසරේ ජනවාරි මස (08) දින බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්කදවිල ගම්මානයේදී ආරම්භ කෙරේ.

මෙමගින් ජනතාවගේ දරිද්‍රතාවයට හා සෞඛ්‍ය ගැටලු වලට බලපාන යහපත් සෞඛ්‍ය පුරුදුවලින් බැහැරවීම, නිවැරදිව ආහාර තෝරා ගැනීමේ අපහසුතා ,බෝනොවන රෝග පිළිබඳ අනවබෝධය, ළමා හිංසන හා අපචාර, කාන්තා හිංසන යන ගැටලු හඳුනා ගෙන ඒවාට බලපාන දුම්වැටි, මත්වතුර හා මත්ද්‍රව්‍ය භාවිතය, ප‍්‍රජාවගේ ආකල්ප හා මිථ්‍යාවන් වැනි කරුණු කෙරේ අවධානය යොමු කෙරේ.

මෙසේ හදුනා ගන්නා ගැටලු ප‍්‍රජාවගේ සහයෝගය හා සහභාගිත්වය තුළින් විසදා ප‍්‍රජාව බලගැන්වීම මෙම සතුටු ගම්මාන ව්‍යාපෘතියේ අරමුණයි. දැඩි දුගි හා රෝගි බවෙන් පෙලෙන පිරිස්, පෝෂණයෙන් හීන සුවතාව හා සනීපාරක්ෂාව අඩු පිරිස් රජයේ හා පෞද්ගලික අංශවල අඩු ආදායම් පිරිස් ,ශ‍්‍රමය භාවිත කරමින් ස්වයං රුකියා කරන පිරිස් සමෘද්ධි වැඩසටහනට මගහැරුණු පුද්ගලයින් හා පවුල් මෙම ව්‍යාපෘතියේ ඉලක්ක කණ්ඩායම් ලෙස තෝරාගෙන ඇත.

2017 වර්ෂය තුළ සිට ක‍්‍රියාත්මක වන මෙම සතුටු ගම්මාන ව්‍යාපෘතිය විවිධ නව ප‍්‍රවණතාවයන් සමඟ ඉදිරි වර්ෂවල දිවයින පුරා ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.