• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවක් ගම්පහදී

Sportsඕස්ට්‍රේලියානු රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවක් ජනවාරි 03 සිට 05 දින දක්වා දවස පුරා ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී චන්දන ජයන්ත අමරසිංහ මහතා පැවසීය.

එහි සමාරම්භක උත්සවය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 03 දින පෙරවරු 8.30ට ආරම්භ කිරීමට නියමිතය. මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර යන මහත්වරුන් ද සහභාගි වනු ඇත.

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩා සංවර්ධන කළමනාකාර ජිමී ටේලර්, (Level III) කෙටි දුර හා දුර දිවීමේ පුහුණුකරු ටයිම් ක්‍රොස්ටි, (Level III) කෙටි දුර හා පැනීම් ඉසව් පුහුණුකරු මාක් රීඩ්, විශේෂ පුහුණුකරු අනුලා කොස්තා, ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න යන මහත්ම මහත්මීන් මෙදිනයන් හිදී පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ඇත.

මේ වැඩමුළුව සඳහා ස්වේච්ඡා පුහුණුකරුවන්ට ද සහභාගි විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.