• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ ආපදාවන්ට ලක්වූවන්ට රතු කුරුසෙන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක්

redcrossකෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා රතු කුරුස සමාජය මැදිහත්වීමෙන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි කෑගල්ල රතුකුරුස සමාජයේ විධායක අධ්‍යක්ෂ ආනන්ද උයන්වත්ත මහතා සඳහන් කරයි.

ඒ අනුව කෑගල්ල, අරණායක, මාවනැල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හී ආපදාවන්ට ලක්වූ පවුල් 400ක ප්‍රමාණයක් මේ සඳහා තෝරාගෙන ඇත.

මෙහි දී එක් පවුලක් සඳහා රු.55.000 ක මුල්‍යාධාරයක් ඇතුළු ව තෝරාගන්නා ජීවනෝපාය මාර්ගය සඳහා පුහුණු අවස්ථා, වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීමට සහය වීම හා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර රතුකුරුස සමාජය මැදිහත් වී සිදුකරන බව ආනන්ද උයන්වත්ත මහතා සඳහන් කරයි.මෙම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන, ජාත්‍යන්තර රතු කුරුස සමාජය හා රාජ්‍ය අංශය  ඒකාබද්ධව සිදු කෙරේ.

ඒ අනුව දත්ත රැස් කිරීම, වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පසුවිපරම සඳහා රාජ්‍ය අංශය සෘජු මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.