• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ විශිෂ්ට ව්‍යවසායකයින්ට සම්මාන

Matara2016.12.26මාතර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ විශිෂ්ට ව්‍යවසායකයින් ඇගයීමේ උත්සවයක් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා නියෝජනය කරමින් මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.ආර්.කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - නූපේ සණස සංගම් ශාලාවේ දී පැවැත්විණි.

 මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව කටයුතු කරන සුළු පරිමාණ ව්‍යවසායකයින් ඇගයීම මෙහි දී සිදු කෙරිණි.

 එහි දී සේවා අංශයේ ප්‍රථම ස්ථානය විතානගේ ජගත් හිමිකරගත් අතර, එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් එච්.ඩබ්.නිලූකා දිලානි හා නිලූපා ලංකාපුර හිමිකර ගත්හ. එන්.ජී.ලක්ෂිකා සංදීපනී නිෂ්පාදන අංශයේ ජයග්‍රාහිකාවයි. පිළිවෙලින් එහි දෙවන සහ තෙවන ස්ථාන පී.ජී.නිලූකා දමයන්ති හා පී.එච්.යූ.සුජානි හිමිකර ගත්හ. නැගී එන ව්‍යවසායකයා සම්මානය නෙළුම් නිෂානි ජයවර්ධනට හිමි වූවාය.

එන්.ආර්.මාලිකා චතුරානි ද සිල්වා පරිසරහිතකාමී ව්‍යාපාරිකයා වූ අතර නිර්මාණාත්මක ව්‍යවසායකයා වශයෙන් කේ.මහේෂ් ඉන්දික ජයග්‍රහණය කළේය. මීට අමතරව කුසළතා සහතිකපත්‍ර ලාභින් හයදෙනෙකු තෝරාගන්නා ලදි. ජයග්‍රහණය කළ සියලු දෙනාට වටිනා සම්මාන හා සහතිකපත්‍ර පිරිනැමිනි. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ.පතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව මෙම වඩසටහනේ සංවිධායක ව්‍යවසායකත්ව පුහුණු නිලධාරී එල්.පී.එස්.මල්කාන්ති මහත්මිය පැවසුවා ය.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා  මාතර දිස්ත්‍රිකයේ සුළුපරිමාණ ව්‍යවසායකයින් සහභාගි වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.