• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

cabinet2016
2016.09.06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

පරිසර හිතකාමී නොවන ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම

සෙවිලි තහඩු, පොළොවේ අතුරන ටයිල් වර්ග, සිමෙන්ති පයිප්ප, වාහනවල බ්‍රේක් පෑඩ්ස්, කඩදාසි, ලණු ආදී නිෂ්පාදන රාශියක් සඳහා ඇස්බැස්ටෝස් ඛනිජය භාවිත කෙරේ.

f849efba8e6b73bb7496fe2d801c6030 Lජාතිය සංවර්ධනය උදෙසා සිවිල් සහ හමුදා අංශයන්හි සම්බන්ධීකරණය සඳහා ආයතනයක් පිහිටුවීම

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් සතුව පවතින දැනුම හා සම්පත් ජාතිය ගොඩනැංවීම උදෙසා පහසුවෙන් උපයෝගී කර ගත හැකි අතර, විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව තමන් සතු දැනුම භාවිතයට ගනිමින් ජාතිය ගොඩනැංවීමේ යන්ත්‍රණය සමබන්ධ වගකීම් දැරීම සඳහා ඔවුහු සූදානමින් සිටිති. එබැවින් ත්‍රිවිධ හමුදාව සතු සම්පත්, ශක්තිය සහ පුහුණුව සමස්ත ජාතික සංවර්ධනය සහ සාමය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය වෙත දායක කර ගැනීම සඳහා සිවිල් නිලධාරින් සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ලබන සිවිල් සහ හමුදා සම්බන්ධීකරණ ආයතනයක් පිහිටුවීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2016.06.21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම
පළාත් සභාවන්හි කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේදී මුහුණපෑමට සිදුවන ගැටලු පිළිබදව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භයේදී කරුණු සාකච්ඡා කරන ලද අතර එහිදී පළාත් සභා යටතේ පාලනය වන පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම, විදුහල්පති සහ ගුරු පුරප්පාඩු පිරවීම, පළාත් සභා සදහා අවශ්‍ය සම්පත් ලබාගැනීමේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා, කසළ කළමනාකරණය යනාදී කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලදී. එමෙන්ම පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන ලදී. 2016 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා මඟින් හඳුන්වා දෙනු ලැබූ ක්‍රමවේදය අනුව පළාත් සභා සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කෙරෙනුයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය මඟිනි. ඒ වෙනුවට ඒ සඳහා 2015 වර්ෂය අවසානය දක්වා අනුගමනය කරන ලද පැරණි ක්‍රමවේදයම යොදා ගැනීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මීට පෙර පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබිණි. ඒ අනුව මහා භාණ්ඩාගාරය විසින් සෘජුවම ඒ ඒ පළාත් සභා වෙත ප්‍රතිපාදන වෙන් කළ හැකි වන පරිදි 2015 අංක 16 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී.

cabinet decesion2016.07.05 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

'ඊ මෝටරින් ව්‍යාපෘතිය' - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා විද්‍යුත් ලිපිගොනු කළමනාකරණ පද්ධතියක් සකස් කරගැනීම, එහි වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය හා දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සන්නිවේදන ජාලය වැඩිදියුණු කිරීම යන මූලිකාංග තුනක් (03) යටතේ ඉහත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම 'ඊ මෝටරින් ව්‍යාපෘතිය' නිමැවුම් කර, ක්‍රියාත්මක කොට භාර දීමේ (Build, Operate and Transfer) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2016 .06.28 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තිරණ පහත සඳහන් වේ.

රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් සිංගප්පූරු රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම
සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ පැවැත්වීමට නියමිත, 'ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා වන රාජ්‍ය අංශයේ නායකත්ව වැඩසටහන' (Public Sector Leadership Programme for Senior Officials from Sri Lanka) නමැති පස්දින පුහුණු වැඩසටහනක් සිංගප්පූරු රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත පිරිනමනු ලැබ ඇත. එම වැඩසටහන, එක් වරකට පුහුණුලාභීන් 35 දෙනා බැගින් වන සේ කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාවට නැංවීමට යෝජනා වී ඇත. ඒ අනුව, ලබන මාසයේ සිංගප්පූරුවේ සිදු කිරීමට නියමිත ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිල සංචාරය අතරතුරදී රජයේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් සිංගප්පූරු රජය සමඟ අව‍බෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.