මැයි මස 12,13 සහ 14 යන දින වල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රාජ්‍ය නායකයින් 17 දෙනෙකු හා රටවල් 80ක බෞද්ධ නියෝජිත කණ්ඩායම් සහභාගි වන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
මීතොටමුල්ල කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානයේ සිදු වූ ව්‍යසනය සම්බන්ධව ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද දින පැවැත්විණි.
ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පිණියක වන ඡායාරූප කලාවේදී යමුනී රශ්මිකා පෙරේරා ජාත්‍යන්තර EXHIBITION MYSTIC 2017 ඡායාරූප තරගයෙන් ජාත්‍යන්තරයේ ඇගයීමට පාත්‍රා වූ FIAPරන් සම්මාන දෙකකකින් සහ PSA රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූවාය.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.