• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

big flightA-380 ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීම තුළින් ධාවන පථය පිළිබඳ ව පැවති දුර්මතයන් බිඳුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවසීය.

Ranga kalansooriyaසියලු ක්ෂේත්‍රයන් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින් වර්තමාන සමාජයේ මාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණයට බඳුන් විය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිඹිමුව මාධ්‍ය විය යුතු යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවසීය.

cameraඅභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය  එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල 2017, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 19 වැනි දින ප.ව.4.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.  

Hon Rajitha S.news 2017 8 15පෞද්ගලික ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Busrootකොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩසටහන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම සමග ව්‍යාපෘති උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යන ආයතන ද ඒකාබද්ධව අද (15) දින සිට කොළඹ නගරය ආශ්‍රිත ව ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

He news 2017 8රටේ ආර්ථික, සමාජ හා ජනවාර්ගික සියලු ගැටලු සඳහා විසඳුම් තිබෙන්නේ බෙදීමකින් සහ සැකයකින් තොරව විශ්වාසයෙන් යුතුව සියලුදෙනාට සමාජය තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තුළ බව ජනාධිපතිතුමා පවසයි.

PM news 2017 8 14පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සැපිරීම නිමිත්තෙන් ඊයේ (13) මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේදී පැවැති ආගමික වතාවත්වලට සහ දානමය පිංකමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

Finance Ministry logo2018 වසර සඳහා වන අයවැය, කාර්ය සාධනය පදනම් කරගෙන පිළියෙළ කිරීමට රජය තීරණය කර ඇති බැවින් සියලුම අමාත්‍යාංශ තම ව්‍යාපෘති යෝජනා මඟින් ප්‍රතිලාභීන්ට සහන සලසන්නේ කෙසේදැයි ව්‍යාපෘති නිමැවුම් පිළිබඳ දත්ත ඇතුළත් කොට ඒවා ඉදිරිපත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Hon gayantha news 2017 8 14දීර්ඝ කලක සිට විධිමත් පරිදි සංවර්ධනයකට ලක් නොවුනු බවට පැවති රජයන් වෙත ජනතා චෝදනාව එල්ලවූ කහව, ගල්දූව මාර්ගය සම්බන්ධව පැවති දුෂ්කරතා සියල්ලට විසඳුම් ලබාදෙමින් කිලෝමීටර් 1.9ක පමණ දුරක් කාපට් අතුරා සංවර්ධනය කෙරේ.

Navy news 2017 8 14ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වියුක්තිකයන්ගේ සංගමය විසින් ගම්පහ - ජාඇල මාර්ගයේ ගුවන් පාලම සම්බන්ධවන වට රවුමේ ඉදි කරන ලද නව රණවිරු ස්මාරකය ඊයේ ‍(13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් උත්සවාකාරයෙන් නිරාවරණය කෙරිණි. 

PM news 2017 8 11ශ්‍රී ලංකාව සෑම අතින්ම ධනවත් වූ රටක් නොවන නමුත් අපේ උගත්කමින් ධනවත්කම ලබා ගැනීමට හැකියාව තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

He presidentමහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ ගොවි ජනතාවට සහ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම අද (11) සහ හෙට (12) යන දෙදින ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.