• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Hon Mangala samaraweeraශ්‍රී ලංකාවේ පරාජිත වී විශ්‍රාම ගිය එකම ජනාධිපති ලෙස ඉතිහාස ගත වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, එදා තම දූෂිත පාලනය හේතුවෙන් තමන්ව පරාජයට පත්කළ ජනතාවගෙන් පලිගැනීමේ චේතනාවෙන් තවදුරටත් කටයුතු කරමින් සිටීම, දෙවරක් රට පාලනය කළ ජනාධිපති කෙනෙකුට කෙතරම් නොහොබින දැයි තමන්ගෙන් ම ප්‍රශ්ණ කර ගැනීමට කාලය එළඹ තිබේ.

PM 2017 8 17අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ ''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය අද (17) සවස 3.30  ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

landකිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි හමුදා ජනපදය - Kilinochchi Cantonment ) සහ ආරක්‍ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ ඒකක විසින් භාවිත කරන ලද බිම්කොටස් පහකට අයත් අක්කර 2332 රූඩ් 01යි පර්චස් 25.2 ක භූමි ප්‍රමාණයක් නැවත රජයට භාර දීම පසුගියදා(අගෝ 15) දින සිදුවිය.


 
He news 2017 8 16 1පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

He news 2017 8 16ශී‍්‍ර ලාංකික ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමඟ මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශී‍්‍ර ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව නිර්මාණය කරන ලද “NSB i Saver” සේවාව දියත් කිරීම ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ කොළඹ ජාතික ඉතිරිකිරීමේ බැංකු ප‍්‍රධාන ශාඛා පරිශ‍්‍රයේදී සිදු විය.

cabinet2016පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ කිසිදු  යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 
Education news 2017 8 15අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාවට නංවා ඇති ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන මඟින් ඉතිහාසයේ පළමුවරට ජාතික අධ්‍යාපන ග්‍රන්ථ නාමාවලියකට අනුව ඉහළ ගුණාත්මකබවින් යුත් පුස්තකාල පොත් පාසල් පුස්තකාල වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.

defence news 2017 8 16දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (National Defence College, Dhaka, Bangladesh) නිලධාරින් පිරිසක් පසුගියදා (14) ආරක්‍ෂක අමාත්‍යංශයේ සංචාරයක නිරත විය.

He news 2017 8 16රටේ කැළි කසළ ගැටලුව සඳහා ලබන වසර වන විට ස්ථීරසාර විසඳුමක් ලබාදීම රජයේ අරමුණ වන අතර ඒ සමග අනුගත වෙමින් මෙම දෙසැම්බර් මාසය වන විට දිවයිනේ පළාත් 09 තුළම කසළ කළමනාකරණය සඳහා වූ නිසි වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවා අවසන් කළයුතු බවට ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.



 
He news 2017 8 16 11රටේත්, ජනතාවගේත් හෙට දවස සුබවාදී කිරිම සඳහා යන ගමනේදී නින්දා හා අපහාස තමන්ට ගැටලුවක් නොවන බව ජනාධිපතිතුමා පවසයි.

Katunayake airport insideනීතිවිරෝධීව පුද්ගලයන් දේශ සීමා නීති උල්ලංඝණය කරමින්  විදේශ රටවල් වෙත  සංචාරය කරවීම ගෝලීය වශයෙන් පැනනැගී ඇති අර්බුදකාරී ගැටලුවකි. මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නිසි පියවරවල් ගෙන තිබුනත්  ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හරහා  නීතිවිරෝධී සංචාර බොහොමයක් ලොව පුරා සිදුවෙමින් පවතී.

 
New foreing minister appointedනව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.