• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Hon Rajitha S news 2017 8 7මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන මහල් 12 කින් යුත් නව පිළිකා රෝහලේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ අවසන් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිකිරීම් සමාගමට දැනුම් දෙන ලදි. 

kidnyදිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක පැතිර පවතින වකුගඩු රෝගයට ආයුර්වේද ප්‍රතිකාර කිරීම සදහා පුලුල් වැඩපිළීවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

He news 2017 8 5අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින් ඊයේ (04)  සිසු අයිතියට පැවරිණි.

He news 2017 8 04ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. 

dryවර්තමානයේ දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබෙන වියළි කාලගුණය මත්ස්‍ය සම්පත් රැක ගැනීමට මෙන්ම ධීවර කර්මාන්තයටද මහත් බලපෑමක් එල්ල කර ඇතැයි කී අමාත්‍යවරයා ඇතැම් ජලාශ සම්පුර්ණයෙන්ම සිදී යාම නිසා එහි වු මත්ස්‍ය සම්පත් මුළුමනින්ම විනාශ ව ගොස් ඇතැයි ද, ජලාශ පිරි ගිය පසු නැවතත් එම ජලාශවලට මත්ස්‍ය සම්පත් මුදා හැරීමට පියවර ගන්නා බවත් කීය.

cunsumer authority logoපාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් ගම්පහ සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශයන්හි පසුගියදා සිදු කළ වැටලීම්වලදී ඔසුසල්, සිල්ලර වෙළෙඳසල්, ආපනශාලා සහ බේකරි ඇතුළු ස්ථාන 14කට මීගමුව සහ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයන් හි නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.

Hon rish bahuudine news 2017 8 3ශ්‍රී ලංකාවට ආධාර සහ ආයෝජන ලබා දෙන ප්‍රධාන රාජ්‍යයක් බවට චීනය පත්ව තිබෙන බවත් කොළඹ  වරාය නගරය සහ හම්බන්තොට වරාය ආයෝජන වැනි රාජ්‍ය මට්ටමේ විශාල පරිමාණ ආයෝජනයන්ට අමතරව චීන පෞද්ගලික අංශයේ සමාගම් හරහා මෙරටට ලැබෙන ආයෝජනද වැඩි වෙමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.