• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Navl pranandu Hos2017වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජයට පරිත්‍යාග කරන ලද මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 

fertilizer2017රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් සඳහා 2017 යළ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 145.7ක මුදලක් ගොවීන්ගේ ගිණුම් වලට බැර කර අවසන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති අබේසිංහ මහතා පවසයි.

darmachakraමෙරටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දී 40 වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට හතලිස් වසරක් සපිරීම නිමිත්තෙන් මෙන්ම රට ජාතියට සෙත් පැතීමත්, පොදුජන මෙහෙවර සඳහා කැපවී සේවා සලසන සියලු දෙනා වෙත ආශිර්වාද පැතීමත් අරමුණු කර ගනිමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් මෙම මස 3 වෙනි දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

srilankanශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් UL 166 දරණ ගුවන් යානයෙන් පසුගිය (30)  කොචින් සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී ඇතිවූ හදිසි අනතුරුදායක තත්ත්වයකින් ආරක්ෂා වීමට ගුවන් කාර්ය මණ්ඩලයේ වෘත්තීය දක්ෂතාවය මත ගුවන් සමාගමට හැකිවිය.  එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගියෙකු විසින් රැගෙන ගිය ගමන් මලු බෑගයක තිබූ ලිතියම් බැටරි කිහිපයක් දැවීයාම හෝ ජංගම දුරකතන හේතුවෙන් මෙම අනතුරුදායක අවස්ථාවට ගුවන් කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුවිය.  

america and rusia e ambssidor met srilankan fm2017 8 1ශ්‍රී ලංකාවේ, රුසියානු තානාපති ඇලෙක්ස්සැන්ඩර්  ඒ කර්චාවා ( Mr. Alexander A. Karchava) මහතා සහ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් (Athul keshap) මහතා ඊයේ (31) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවිය. මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිදුවිය.

 
He news 2017 8 1රට තුළින් විවිධ ආකාරයේ ජනතා ගැටලු ඉදිරිපත් වුව ද, එදා සිටී නායකයින්ගේ අවධානය යොමුවූයේ රටේ එක් ප‍්‍රදේශයක සංවර්ධනය සඳහා පමණක් බව ජනාධිපතිතුමා පැවසීය.

prime minRW2017කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ආරම්භ කරන මේ සංවර්ධන වැඩසටහන් කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත්, ඉන් පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට අප සැලසුම් කර තිබෙනවා යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Pm news 2017 7 31අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ජීවිතයේ වසර 40ක් සම්පූර්ණ කිරීම මුලික කර ගිනිමින් අමාත්‍යාංශ කිහිපයක් විසින් එකමුතුව විශේෂ ප්‍රදර්ශනයක් පසුගියදා පැවති අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා ද සහභාගි විය.

Ranil wickramasinghe 2017 PICහම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" සමග ඇතිකර ගැනීමට යන අනුග්‍රාහක ගිවිසුමට හෙට (29) අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (28) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

prime minRW2017රජය ගෙන යන ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6% දක්වා ක්‍රමානුකූලව වැඩි කිරීම අපේ ඉලක්කය යැයි අග්‍රාම‍ාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 

Sarrc06 වන සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 29 වැනි දා ගල්කිස්ස හොටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන ඡ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්ගේ රැස්වීම ඊයේ (27) ආරම්භ විය.

US Defence Attac calls on the Secretary 2017 7 28ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් ඩග්ලස් හේස් මහතා (Lt Col Douglas Hess) ඊයේ  (27) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.