• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

denguදිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් අද (28), හෙට 29 සහ 30 යන තෙදින තුළ විශේෂ ඩෙංගු රෝග මර්දන වැඩසටහනක් සෑම පාසලක ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

D Censeus logoශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ තත්ත්වය - 2017 වාර්තාවේ පළමු පිටපත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා විසින් තිරසාර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී පිරිනමන ලදී.

BULATH2016 අංක 01 දරන තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳව 2016.09.01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි මගින් සම්ප්‍රදායික බුලත්විට ට කිසිදු බලපෑමක් ඇති නොවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 

RK බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස 02 දින බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

denguමේ වනවිට රටතුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය කරුණක් බව ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය නැවතත් අවධාරණය කරයි. 

rice8වී අලෙවි මණ්ඩලය සතු සියලු ම වී තොග මිලට ගෙන වහාම සහල් කර වෙළඳපළට  නිකුත් කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමූපාකාර තොග වෙළඳ සංස්ථාවට  (CWE) උපදෙස් ලබා දී ඇත. 

cabinetදිවයින පුරා තෙල් බෙදාහැරීම් සහ ප්‍රවාහන කටයුතු  අද (26) සවස් කාලයේ සිට යථා තත්ත්වයට පත් වන බව සම කැබිකට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය ‍වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Petral government logoඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු ම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි.

ICT logoරෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) ගල්ගමුව මුලික රෝහලේ නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පසුගියදා සිදු කෙරිණි.

Government logoමහජනතාව පත්වන පීඩා සහ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙස රජය වර්ජනයට එක්ව සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් ඉල්ලයි.

Mangala samaraweera news 2017 7 25බැරෑරුම් ආර්ථිකය බාර ගෙන, ආර්ථිකය ගොඩ නගමින් වේගවත් සංවර්ධනයට මුලපුරන බවත් සියලු ප්‍රශ්න තිබියදී, ආර්ථිකය කඩා වට්ටන්න කුමන්ත්‍රණය කරද්දි ආර්ථිකය ඉදිරියට ගෙන යන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය   මංගල සමරවීර මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

Pm news 2017 7 25විදේශ විනිමය පාලනය කිරීම ලිහිල් කර තිබෙන බවත් විදේශ විනිමය කළමනාකරණය සහ අධීක්ෂණය රජයේ ප්‍රතිපත්තිය වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.