• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

dengu2017කඩින් කඩ ඇති වන වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදූරු ඝණත්වය යළි වැඩිවිය හැකි බැවින් අද (03) සහ 04,05 යන තෙදින දීප ව්‍යාප්ත මදූරු මර්දන වැඩසටහනක දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මදූරු මර්දන ඒකකයට දැනුම් දී ඇත. 

navy news 2017 8 3ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ඒආර් කර්ව් මහතා (Flag Officer Commander in Chief of the Indian Southern Naval Command, Vice Admiral AR Karve) ඊයේ (02) පස්වරුවේ ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

He news 2017 8 3 2ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ පළමු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ,සයුරළ, නමින් අධිකාරියට පත් කිරීම සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේදී පැවැත්විණි.

brigeදැරණියගල මැතිවරණ කොට්ඨාසයේ  දික්ඇල්ල ග්‍රාම සේවා වසම හා අල්ගොඩ ග්‍රාම සේවා වසම ගම්මාන යා කර ඉදිකළ නව පාලම ජනතා අයිතියට පැවැරීම කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා  මහතාගේ මූලිකත්වයෙන්  පසුගියදා සිදු කෙරුනි.

Hon gayantha K සියලු පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම් එක් දිනක් තුළ පැවැත්වීමට හැකිවන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධන ඇතුළත් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988 අංක 2දරණ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී ඇත.

Hon gayantha K cabinetදැනට දිවයිනට බලපා ඇති දැඩි නියඟයේ බලපෑම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් හඳුනාගෙන එම පවුල්වල සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය පොදු වැඩ සඳහා යොදවා ගැනීමේ පදනම මත, රුපියල් 5,000/-ක් වටිනා වියළි ආහාර සලාකයක් 2017 අගෝස්තු මස සිට මාසිකව එම පවුල් වෙත ලබාදීමට රජය තීරණය කර තිබේ.

Korean news 2017 8 2ද්විතීක අධ්‍යාපනයට ICT කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම සඳහා කොරියානු එක්සිම් බැංකුව විසින් පැවැත්වූ KSP-ADB ඒකාබද්ධ උපදේශන වැඩසටහන මේ වන විට අවසන්වී ඇත.

 
Kadu“තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග” යයි අප ජනවහරේ ඇති පිළිගැනුමකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වසරේ මාර්තු මස රුසියාවේ රාජ්‍ය චාරිකාවක යෙදුණු අවස්ථාවේදී ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හමුවීමට ක්‍රෙම්ලිනයේ හරිත ශාලාවට පිවිසි විට එතුමාට ලැබුණේ බලාපොරොත්තු නොවූ සුවිශේෂ ත්‍යාගයකි.

Ranjith siyambalapitiyaවියළි කාලගුණය හමුවේ විදුලි බිල වැඩි කිරීමක් හෝ විදුලිය කප්පාදුවක්  සිදු වන්නේ නැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 
He news 2017 8 1කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු හේතුවක් මත කිසිදු බාහිර පාර්ශ්වයකට පවරා නොදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Wijayadasa rajapaksha news 2017 8 2පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා  පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබදව පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

nayaජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර සහ මාතර දිස්ත්‍රික් දෙක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.