තම රටේ ආර්ථිකයත්, කලාපීය ආර්ථිකයකත් වර්ධනය කර ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ස්තූතිය පල කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසයි.
ජනමාධ්‍ය අයිතීන් හා නිදහස සුරක්ෂිත කිරීමට අවශ්‍ය නිතිමය රැකවරණය සැලසීම සහ ජනමාධ්‍ය ස්වයං නියාමනය සඳහා ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළ ව මාධ්‍ය සංගම් නියෝජිතයින්ගෙන් අදහස් ලබා ගැනීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කරන ලදී.
රුපියල් ලක්ෂ 10ට වඩා වැඩි වටිනාකමකින් යුතු කල් ඉකුත් වූ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 7825ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකතනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම ජනතාවට උදාවේ.
පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව, කච්චතිව් දූපත ජලයෙන් ඉස්මතුව තිබෙනුයේ මීට වසර 115,000 ත් 130,000 කට පමණ පෙරාතුවය.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය තොරතුරු මාර්ගෝපදේශන මෙන්ම දත්ත අඩංගු වෙබ් අඩවියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත.
කුළු බඩු බෝගයන්හී අග්‍රඵලය ශ්‍රී දළදා සමිදුන් වෙත පුදකෙරෙන ජාතික කුළුබඩු පුජා මංගල්‍ය අද (10) වෙනි දින ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය නොමැතිව ගිනිපෙට්ටි නිෂ්පාදනය කර බෙදාහරින කර්මාන්ත ශාලාවකට ඊයේ (08) සවස නිට්ටඹුවේ දී මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මත්ද්‍රව්‍ය ප්‍රශ්නය අද වන විට කාලීන ප්‍රශ්නයක් වී ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්‍යවරයා පවසයි.
පිරිසිදු, අවංක සහ සමාජශීලි දේශපාලන ව්‍යාපාරයක් සඳහා දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම හෙට දවසේ ඉතා වැදගත් සාධකයක් වනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.
වනජීවීන් මාරුවනප්‍රදේශ බව හෝ ගැවසෙන බව මාර්ගවල ගමන්කරන රථවාහන රියදුරන් දැනුම්වත් කිරීම සඳහා පුවරු සවිකිරීමට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේ මහත්මිය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.