සි ෂෙල්ස් රටේ ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් රජයේ මැදිහත්වීමෙන් විධීමත් වැඩපිළිවෙළක් යටතේ යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
සි ෂෙල්ස් රටේ ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් රජයේ මැදිහත්වීමෙන් විධීමත් වැඩපිළිවෙළක් යටතේ යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
හම්බන්තොට වරාය සඳහා ඉඩම් ලබා දුන් සියලු ම දෙනාට වන්දි ලබා දීම, ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණ කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පියවර ගනී.
විදේශ කටයුතු අමාත්‍යවරයා ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේවිදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය අල්ෆොන්සෝ දාස්ටිස් කුසෙඩෝ මහතා හමුවිය.
ලාංකීය ජනතාවගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ තුළ මහා සංඝරත්නයේ අවවාද අනුශාසන මත ආර්ථික සමාජීය සමෘද්ධිය ඇති කරගනිමින් ලෝකයේ අනෙකුත් රටවලට නොදෙවැනි ලෙස ශ්‍රේෂ්ඨ රටක් ලෙස ජාතියක් ලෙස ගොඩනැගීමේ වගකීම හා යුතුකම ඔබ අප හැමදෙනා වෙත පැවරී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
ඌව වෙල්ලස්ස අරගලයේ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කරමින් ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමේ මහෝත්සවය (01) මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්විණි.
මාර්තු මස 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා හඬ අවධි කරවීම උදෙසා වනඋද්දේශන පා ගමනක් කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම 200 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් අද (01) පෙරවරුවේ ගම්පහ දී පැවැත්විණි.
මේ දිනවල පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක ග්‍රාම නිලධාරී වසම් 339කට අයත් පවුල් 37843ක ජනතාව සඳහා පානීය ජල පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ගම්පහ සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා සඳහන් කළේය.
කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයඳුම්පත් නිකුත් කිරීම මේ මස 14, 15, 16, 17 යන දින 04 තුළදී දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථානවලදී සිදුකෙරේ.
ඊයේ (28) ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වෙනි සැසි වාරයට සමඟාමී ව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උප රාජ්‍ය ලේකම් හා ආසියා හා ශාන්තිකර කලාපය පිළිබඳ අමාත්‍ය ආලෝක් ශර්මා මහතා හමුවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රිඩකයයන් වන අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්නට යුද හමුදාවෙන් උසස් විම් පිරි නැමේ.
2017 රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමි ව කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පිහිටුවා වසර 40ක් පිරීම නිමිත්තෙන් මෙතෙක් සිදු කළ සේවාව හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2017 වර්ෂයේ සැලසුම පිළිබඳ ව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහවක් පසුගිය දා යටියන්තොට, හල්ගොල්ල ගම්මානයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.