ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමී ව උතුම් මාතෘත්වය අගයන සමාජයක් වෙනුවෙන් ඇහැලියගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක රුවන් කස්තුරිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල හා පරිත්‍යාගශීලීන්ගේ අනුග‍්‍රහයෙන් සංවිධානය කළ ”අභිවන්දනීය මාතා වැඩසටහන” පසුගියදා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.