ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාවේ මානුෂීය සහන සැපයීමේ වැඩසටහනට නොර්වේ රජයෙන් රුපියල් මිලියන 180ක මුදලක් ලබා දෙන බව නෝර්වේජියානු විදේශ අමාත්‍ය බර්ගේ බ්රෙන්ඩ මහතා විසින් නිවේදනය කර තිබේ.
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Hon Patricia Scotland) මහත්මිය, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
පොලොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බණ්ඩාරනායක-සේනානායක පොසොන් මහා බත් දන්සල- 57 වන වරටත් ඊයේ (08) දහවල් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අභියසදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
අමාත්‍යාංශ දහයක් සඳහා පත්කර ඇති නව ලේකම්වරු ඊයේ (07) පස්වරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
බෞද්ධ දර්ශනය සමස්ත ලාංකේය ජනතාව තෙරුවන් සරණ යන සැදැහැවත් ජනතාවක් බවට පත් කරන්නට සමත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.