ජනාධිපති පදවි ප‍්‍රාප්තියේ දෙවන වර්ෂ පූර්ණය සමරා ඌව පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරිගැන්වීම උදෙසා රුපියල් මිලියන 10ක් පමණ වටිනා ස්වයං රැකියා උපකරණ ප‍්‍රදානය කිරීමක් පසුගියදා ඌව පළාතේදී සිදු කෙරිණ.
ජනාධිපති පදවි ප‍්‍රාප්තියේ දෙවන වර්ෂ පූර්ණය සමරා ඌව පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරිගැන්වීම උදෙසා රුපියල් මිලියන 10ක් පමණ වටිනා ස්වයං රැකියා උපකරණ ප‍්‍රදානය කිරීමක් පසුගියදා ඌව පළාතේදී සිදු කෙරිණ.
දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම හා ඉදිරියේ දී ඇති විය හැකි නියඟය සඳහා පෙර සූදානම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්වින.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව සතුට පළ කරන බවත්, රටේ ජනතාවගේ සියලු හිමිකම් ආරක්ෂා කෙරෙන හා තහවුරු කෙරෙන වැඩපිළිවෙළ ස්ථාවරව ඉදිරියට ගෙන යනු දැක්ම එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කොමිසමෙහි අපේක්ෂාව බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් (HE Mr. Zeid Ra’ad Al Hussein) මහතා පැවසීය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර, ආර්ථික සම්බන්ධතා තහවුරු කරලීම සම්බන්ධව තමන් දැනටමත් නවසීලන්තය සමඟ සාකච්ඡා කර ඇති අතර, ඉදිරියේ දී මේ පිළිබඳ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ අනෙකුත් රටවල් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව බීබීසී රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ද්විපාර්ශවික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත්, කඩිනමින් නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹිමටත් අවශ්‍ය පියවර ගත යුතු බව පකිස්ථාන් අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් (HE Nawaz Sharif) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.
යහපාලන ආණ්ඩුවෙන් විශාල සහන රැසක් ජනතාවට ලැබුණා. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවන්න දවල් හීන දකිනවා. ඔලුගෙඩි මාරු කළාට ආණ්ඩු පෙරලීමට නොහැකි බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.