2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගි වන ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රි ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
සත් සිතින් ලොව දකින, මෙත් සිතින් දිවි ගෙවන එක්සත් සමාජයක් ගොඩනගන්නට කැපවෙමු'' යැයි අදට (10) යෙදෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තෙවරක් සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් අප මාතෘභූමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම, අප ලද විරල භාග්‍යයක් ලෙසින් සළකන බවත් එය සම්බුදු දහමේ ආශිර්වාදය ලැබූ පසු ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරව හිමිකරගත් විශිෂ්ට ජයග‍්‍රහණයක් බවත් අදට (10) යෙදෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර සිටියි.
ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.