• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

hand washලෝක දෑත් සේදීමේ දිනය ඔක්තොම්බර් මස 15 වැනි දිනට යෙදි ඇත.  මෙදිනට සමඟාමී ව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ සෞඛ්‍ය අධ්‍යපනික වැඩමුළුවක් ඊයේ (13) දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යල ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

Conferenceවාර්ෂිකව පවත්වනු ලබන දුරස්ථ ග්‍රහණ ආසියානු සමුළුව(Asian Association on Remote Sensing) ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 17සිට21 දක්වා කොළඹගලදාරී හෝටලයේ දී පැවැත්වේ.

badulla 2016නොකඩවා මාස තුනක පමණ කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කය තුළ පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් තුළ පවුල් 9911ක පුද්ගලයින් 40857 දෙනෙක් පීඩා විදින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.

preganncyගර්භණී සමය තුළ වැඩි වශයෙන් දේශීය ආහාර රටාවකට හුරු වීමෙන් නීරක්තිය අවම කර දරුවාගේ සහ මවගේ පෝෂණ මට්ටම ඉහළ නංවා ගැනීම සඳහා වැදගත් වන දේශීය ආහාර පිළිබඳ ව දැනුම්වත් කිරීමේ වැඩසටහකත් පසුගියදා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

badullaබදුල්ල නගරයේ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයට යාබදව පිහිටි බදුල්ල මහ නගර සභාවේ කසල ප්‍රතිචක්‍රීයකරණ ඒකකය  අසල තිබූ අක්කර 04ක පමණ භූමි භාගයක පිහිටි කුණු කන්ද මේ වන විටත් ගිනි ගනිමින් තිබේ.

airlankaශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රජා සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් එක්ව ජාතිය රැක ගැනීම වෙනුවෙන් ජීවිතය පුද කළ රණවිරුවන් සහ ආබාධිත වූ රණවිරුවන්ගේ දරුවන් 40 දෙනෙකු වෙනුවෙන් ලෝක ළමා දින සැමරුම නිමිති කර ගනිමින් ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී. 

old carඌරුබොක්ක නගරය කේන්ද්‍රකර ගනිමින් සිදු කෙරුණු රථ වාහන සෝදිසි කිරීමේ මෙහෙයුමක දී ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවති වාහන 48 ට තහනම් නියෝග නිකුත් කර තිබේ.

galle 2016.10 12ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන නිල මෙහෙවර දෙවන වැඩසටහන නොවැම්බර් මස දී ගාල්ල  දිස්ත්‍රික්කය මූලික කර ගෙන පැවැත්වීමට මේ වන විට කටයුතු සකස් වෙමින් පවතී. 

Mathara 2016.10.12පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් රවීන්ද්‍ර ජයනාත් මහතාගේ සංකල්පයක් අනුව මහජන සත්කාරක කඩිනම් සේවා වැඩසටහනක් පසුගියදා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

meetingමාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම ඔක්තෝබර් 17 වැනිදා පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.

Picture 911ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ඵලදායිතා සම්මාන - 2015 තරගාවලියේ රජයේ දෙපාර්තමේන්තු P3 කාණ්ඩය යටතේ දෙවන ස්ථානය  දකුණු පළාත් පාලන කොමසාරිස් කාර්යාලය දිනා ගෙන ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.