ලොතරැයි අලෙවි නියෝජිතයින් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ලොතරැයි අලෙවි නියෝජිතයින් පිරිසක් ඊයේ (05) පස්වරුවේ කොළඹදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ලොතරැයි අලෙවි නියෝජිතයින් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ලොතරැයි අලෙවි නියෝජිතයින් පිරිසක් ඊයේ (05) පස්වරුවේ කොළඹදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා වසර පනහක් පිරීම, අලුතින් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ප්‍රතිසංස්කරණය කරන ලද මැදිරි සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
රෝගීන් සදහා රෝහල්වල සිදු කරනු ලබන රසායානාගාර පරික්ෂණ සිදු කිරිමට අවශ්‍ය උපකරණ රෝහල්වලට ලබාදීමෙන් පසු නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක නොකරන රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍යවරුන් පිළිබද වාර්තාවක් වහාම ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෙද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට නියෝග කර ඇත.
සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම ඊයේ (05) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි.
ජනපති පදවි ප්‍රාප්ති දෙවර්ෂ පුර්ණය සමරා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මේ මස (07) සහ (08) යන දෙදින තුළ පිරිත් පිංකමක් ඇතුළු විශේෂ වැඩසටහාන් රැසක් ක්‍රියාත්ම කිරීමට සැලසුම් කර තිබේ.
ඕස්ට්‍රේලියානු රජයේ ආධාර ඇති ව සංවිධානය කරන ආසියානු ක්‍රීඩා සහභාගීත් ව ව්‍යාපෘතිය යටතේ විශේෂ පුහුණු පාඨමාලා ඇතුළත් මළල ක්‍රීඩා පුහුණු කඳවුරු 03ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරුණ තරුණියන් 7,000කට රැකියා ලබා දෙන නව කර්මාන්ත ශාලාවක් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (06) සිදු කෙරේ.
මත්තල ගුවන්තොටපොළ සහ හම්බන්තොට වරායේ ආයෝජන අවස්ථා පුළුල් නොකළහොත් එම ව්‍යාපෘති ඉදිකිරීමේ ණය ගෙවීම වෙනුවෙන් බදු බරක් ජනතාව මත පැටවෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
උත්සවය ජනවාරි 10 වන දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලාංකීය නිදහස් සටනේ ආරම්භය ලෙස සැලකෙන 1818 ඌව වෙල්ලස්ස අරගලය හා ඊට නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාව ප්‍රමුඛ විරුවන් සැමරීමේ උත්සවය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රටට, ජනතාවට හා ආරක්ෂක අංශ වලට සෙත් පතා පිරිත් පිංකමක් සහ දානමය පුණ්‍යකර්මයක් මේ මස (07) සහ (08) දෙදින තුළ කෑගල්ලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කෑගල්ල දිස්ත්‍රක් ලේකම් ඩබ්ලිව්.ඒ අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කරයි.
පසුගිය මැයි මස කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ ස්භාවික ආපදා තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම සඳහා රතුකුරුස සමාජයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.
රජයේ ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය හෙවත් e-slim ව්‍යාපෘතියට සමඟාමී ව ඉඩම් කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.